පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිදුව ඇති බව කියන ලිංගික අතවර සිදුවීමකට අදාලව ළමා හා කාන්තා කාර්යාංශය විසින් මේ වන විට මහනුවර මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබෙන ආරක්‍ෂක නිලධාරියාට විශ්වවිද්‍යාල බලධාරීන් විසින් පසුගිය දිනවල උසස් වීමක් ලබාදී තිබෙන බව අනාවරණය වේ.
ලලිත් වීරසිංහ නැමැති මෙම සැකකරු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක අංශයේ ආරක්‍ෂක පරීක්‍ෂක වරයෙකු ලෙස සේවය කරයි.
2022 ජූලි මස 28 සහ 29 දිනවල ආරක්‍ෂක කාර්යාල පරිශ‍්‍රයේ නවතා තිබුන රජයේ වාහන කිහිපයක ඉන්ධන ටැංකිවල මූඩි කඩා ඉන්ධන සොරා ගැනීමක් සිදුකිරීම පිලිබදව පී.ඞී.ඒ.ද අල්විස් නැමැති විමර්ශන නිලධාරියා විසින් සිදුකරන ලද විමර්ශනයේදී රාජකාරී පැහැර හැරීම සම්බන්ධයෙන් මෙම නිලධාරියා වැරදිකරුවෙකු වන බව නිගමනය කර ඇත.
මෙම විමර්ශන වාර්තාවේ ඒ සම්බන්ධයෙන් වගකිවයුතු බවට ආරක්‍ෂක නිලධාරීන් 5 දෙනෙකු නම් කර තිබෙන අතර එහි 3 වන ස්ථානයේ සදහන්ව තිබෙන්නේ ලලිත් වීරසිංහ නැමැත්තා ගේ නමයි.
මෙම තැනැත්තා මීට පෙර පාලක සභා සාමජිකයෙකුට අසභ්‍ය වචනයෙන් බැන වැදීම සම්බන්ධයෙන් මහ ඉලුක්පල්ලම උප ඒකකයට ස්ථාන මාරු කර තිබුන බවද දැනගන්නට ඇත.
මොහු රාජකාරියේ යෙදී සිටියදී රාජකාරී බලය අයුතු ලෙස යොදාගෙන ලිංගික බලහත්කාරකම් කිරීම සම්බන්ධයෙන් ළමා හා කාන්තා කාර්යාංශය මගින් මහනුවර මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇත.
මෙම අයහපත් සේවා වාර්තාව නොසලකා පසුගියදා මෙම නිලධාරියා පළමු පන්තියේ ආරක්‍ෂක පරීක්‍ෂකවරයෙකු ලෙස උසස් කිරීමට කටයුතු කර ඇති අතර එමගින් ඔහුට වැටුප් වර්ධක ඉහලයාම ඇතුළු වරප‍්‍රසාද ගණනාවක්ද හිමිවනු ඇත.
මෙවැනි දූෂිත පුද්ගලයන් ට ඔවුන්ගේ අයහපත් සේවා වාර්තා නොසලකා උසස්වීම් ලබා දීමට ක්‍රියාකිරීම මගින්
කාර් යක්ෂම ලෙස සහ විනය ගරුක ලෙස කටයුතු කරන සේවකයෙකයන් දුර්මුඛ කෙරෙන බවද එය රජයේ ක්ලීන් ශ්‍රී ලංකා ප්‍රතිපත්තියට පටහැනි බවද මහජන ක්‍රියාකාරීන් පවසති.
















