නිකවැරටිය, ගනේවැව ප්‍රදේශයේ නෑබඩ වැවේ දියේ ගිලී පුද්ගලයෙකු අතුරුදන් වී ඇති බවට නිකවැරටිය පොලිසිය පවසයි. මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවී ඇත්තේ ඊයේ (16) සවසය.
අතුරුදන් වූ පුද්ගලයා දිවුල්ලෑගොඩ, නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි අයෙකි. සරුංගල් නූලක පැටලී වැවට වැටී සිටි කොකෙකු බේරා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී, ඔහු අනපේක්ෂිත ලෙස දියේ ගිලී අතුරුදන් වී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් නිකවැරටිය පොලිසිය විසින් පරීක්ෂණ පවත්වන අතර, පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව අතුරුදන් වූ පුද්ගලයා සොයා සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.
















