රුසියාව සහ තුර්කිය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා වඩාත් සමීප වෙමින් පවතින පසුබිමක, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් තුර්කි ජනාධිපති රෙසෙප් තායිප් අර්ඩොගන් වෙත විවෘතවම සිය ප්‍රශංසාව පළ කර තිබේ. දෙරට අතර පවතින ද්විපාර්ශවික සබඳතා මෑත කාලීනව ඉතා වේගවත් මෙන්ම සාර්ථක මාවතකට අවතීර්ණ වී ඇති බව මෙහිදී අවධාරණය කෙරිණි.
රුසියාවේ කසාන් (Kazan) නුවරදී තුර්කි විදේශ අමාත්‍ය හකාන් ෆිදාන් (Hakan Fidan) හමුවී සාකච්ඡා පවත්වමින් රුසියානු ජනාධිපතිවරයා සඳහන් කළේ, දෙරට අතර පවතින සබඳතා මේ වන විට හුදෙක් නිල රාජ්‍යතාන්ත්‍රික මට්ටමකට පමණක් සීමා නොවී ඉහළ වර්ධනයක් පෙන්නුම් කරමින් පවතින බවයි.
මෙම ද්විපාර්ශවික සබඳතාව අතිශය සුහදශීලී සහ ක්‍රියාකාරී එකක් ලෙස විග්‍රහ කළ රුසියානු ජනාධිපතිවරයා, එය වඩාත් සාර්ථක ලෙස හැඩගැසීම සඳහා තුර්කි ජනාධිපති අර්ඩොගන්ගේ සෘජු දේශපාලන ස්ථාවරය සහ කැපවීම විශාල වශයෙන් හේතු වී ඇති බව ද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
















