අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහනේ පළමු අදියර යටතේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන් සඳහා ජුනි මාසයට අදාළ දීමනා බැංකු ගිණුම්වලට බැර කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි.
මෙම ගෙවීම් සම්බන්ධ වැදගත් තොරතුරු පහත දැක්වේ.
මුළු ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව ලක්ෂ 13 යි 73 දහස් 248ක් (1,373,248) වේ.
බැර කෙරෙන සමස්ත මුදල රුපියල් 10,904,801,250ක් (රුපියල් බිලියන 10.9කට අධික) වේ.
ගෙවීම් ක්‍රියාවලිය අද (18) දිනයේ සිට කෙලින්ම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කෙරේ.
සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති සහ කොමසාරිස් නිමල් කොටවලගෙදර මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, මෙම ගෙවීම් අස්වැසුම වැඩසටහනේ පළමු අදියර යටතේ ලියාපදිංචි වී සිටින සුදුසුකම් ලත් ප්‍රතිලාභීන් සඳහා පමණක් සිදු කෙරෙන බවයි.
ඒ අනුව, අදාළ සුදුසුකම් ලත් ප්‍රතිලාභීන්ට අද දින සිට තම අස්වැසුම බැංකු ගිණුම් හරහා ජුනි මාසයට අදාළ ප්‍රතිලාභ මුදල් ලබා ගැනීමේ හැකියාව පවතී.
















