කුරුණෑගල ප්‍රමුඛ පෙළේ පාසලක සංගීත ගුරුවරයෙකු තම පාසලේ නව වන ශ්‍රේණියේ සිසුවෙකුට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
සැකකරු 56 හැවිරිදි දෙදරු පියෙකි. සිසුවාගේ දෙමාපියන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව කුරුණෑගල කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා විසින් ඔහුව ජූනි 30 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලදී.
පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා සිටියේ, මෙම සැකකරු මීට පෙරද පාසල් දරුවන් සම්බන්ධයෙන් මෙවැනිම ආකාරයේ ලිංගික අතවර චෝදනා කිහිපයකටම ලක්ව ඇති අයෙකු බවත්, එම සිද්ධීන් සම්බන්ධයෙන්ද ඔහුට එරෙහිව මීට පෙර අධිකරණයේ නඩු පැවති බවත්ය.
















