බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින්, මොරටුමුල්ල සහ පිළියන්දල පොලිස් වසම්වල නිවාස කිහිපයක් බිඳ සොරකම් කිරීමේ සිද්ධීන්වලට සම්බන්ධ රත්මලාන ප්රදේශයේ පදිංචි 27 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ලද බුද්ධි තොරතුරකට අනුව ඊයේ (17) උදෑසන රත්මලාන ප්රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගත් අතර, වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා ඔහුව මොරටුමුල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
සැකකරු සන්තකයේ තිබී සොරකම් කරන ලද ජංගම දුරකථනයක්, තඹ දඬු 25ක්, රන් මුදුවක් සහ රන් භාණ්ඩ උකස් කළ බවට වූ රිසිට්පතක් ද පොලිසිය විසින් සොයාගෙන තිබේ. මොරටුමුල්ල පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
















