( ඉතිරි කොටස)
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ශිෂ්‍යාවක විසින් එහි කථිකාචාර්යවරයෙකුට එරෙහිව ලිංගික සහ ස්ත‍්‍රි පුරුෂ ප‍්‍රචණ්ඩත්වය පිළිබද කමිටුව(SGBVC) වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් මත පවත්වන ලද විනය පරීක්‍ෂණයේ වාර්ථාවේ 7 වන පිටුවේ vii වන ඡේදයේ විශේෂ සදහනක් කර ඇත.
“අදාල කාරණයේ ඇති සංවේදී භාවය සහ බරපතල කම සලකා මෙම සටහන තබන බව”ද ඔවුන් කියා ඇත.
එහි කියා ඇත්තේ “පරීක්‍ෂණයේදී කියැවුන කථිකාචාර්ය ජයනාත් විසින් ප‍්‍රශ්න පත‍්‍ර ඇගැයීම පිළිබද කාරණා සම්බන්ධයෙන් වෙනම පරීක්‍ෂණයක් අදාල බලධාරීන් විසින් සිදුකරනු ඇතැයි තමන් බලා පොරොත්තු වන බවයි.”
මෙම පරීක්ෂණයේදී අදාල ශිෂ්‍යාව විසින් විභාග පිළිතුරු පත් වල ලකුණු සටහන් කර තිබෙන බවට කරුණු හෙලිදරව් වීම මත පසුගිය වසර 5 කට අදාලව විභාග පිළිතුරු පත් අධ්‍යනාංශය වෙත භාරදෙන මෙන් සියලුම කථිකාචාර්ය වරුන්ට නියම කර ඇත.ඒ අනුව ජයනාත් නැමැති අය හැර අන් සියලුම කථිකාචාර්ය වරුන් පිලිතුරු පත් අංශ ප්‍රධාන වෙත භාරදී ඇත.
ජයනාත් නැමැති අය කියා ඇත්තේ එම පිලිතුරුපත් අම්බලන්ගොඩ තම මහගෙදරට ගෙනගොස් දමා තිබෙන බවයි.ඒ අනුව අංශ ප්‍රධාන විසින් වෛද්‍ය ගීතානි සෝමරත්න සහ වෛද්‍ය ඊ. ආර්.ජේ. සමරකෝන් යන සහකාර කථිකාචාර්ය වරුන් දෙදෙනා සමග ගොස් අදාල පිලිතුරුපත් මිටි රැගෙන එන ලෙස ජයනාත් නැමැත්තාට නියෝග කර ඇත.ඒ සදහා විශ්වවිද්‍යාල වාහනයක් ද ලබාදීමට කටයුතු කර ඇත.ඒ අනුව 2020 සැප්තැම්බර් 11 වන දින රාත්‍රියේ අදාල පිරිස අම්බලන්ගොඩ පිහිටි ජයනාත්ගේ මහගෙදරට ගොස් තිබේ.
නිවස පරීක්ෂා කලමුත් පිලිතුරුපත් මිටි සොයා ගැනීමට නොහැකි වී ඇත.ජයනාත් ගේ සොහොයුරියන් කියා ඇත්තේ එම පිලිතුරුපත් මිටි ගිනිබත් කර තිබෙන බවයි.
මීට අදාලව එවකට ආහාර විද්‍යා හා තාක්ෂණ අධ්‍යනාංශයේ අංශ ප්‍රධාන ආචාර්ය බී.ඊ.පී. මෙන්ඩිස් පීඨාධිපති මහාචාර්ය ගාමිණී පුෂ්පකුමාර වෙත පරීක්ෂණයක් ඉල්ලා සිටිමින් ලිපියක් ඉදිරිපත්කර තිබේ.
පීඨාධිපතිවරයා ද 2020 සැප්තැම්බර් 28 දිනැති ලිපිය මගින් මෙම බරපතළ විශමාචාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා සිට ඇත.
ඒ අනුව සිදුකල පරීක්ෂණයේදී කථිකාචාර්ය ජයනාත් පිලිතුරුපත් ගිනිබත් කල බව පිලිගෙන තිබේ.
තම හිතමිතුරා බේරා ගැනීම පිනිස සිදුකල පරිපාලනමය තක්කඩකම කරලියට එන්නේ ඉන් පසුවය.
අදාල ශිෂ්‍යාව විසින් ප්‍රකාශ කල කරුණු සහ ජයනාත් ගේ පිලිතුරුපත් මිටි ගිනිබත් කිරීමේ ගල් පැලෙන බොරුව සම්බන්ධයෙන් පොලිස් හෝ CID විමර්ශනය ක් ඉල්ලා සිටීමට විශ්වවිද්‍යාල බලධාරින් විසින් කටයුතු කල යුතු ව තිබුනි.
එහෙත් ඒ වෙනුවට සිදුකර ඇත්තේ ජයනාත් ගේ “අතේ රෝල්” එහෙම පිටින් පිලිගනිමින් අවවාද කිරීමකින් වැඩේ ෂේප් කිරීමයි. ඉන් පසුව සිදුවීම අමතක වනතෙක් කෙටිකලක් ඉවසන මෙම තක්කඩීන් ජයනාත් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තනතුරට උසස් කර එම අධ්‍යනාංශයේ ප්‍රධානියා ලෙසටද ඔහුව පත් කර තිබේ.
ඉන් පසුව මෙම පුද්ගලයා කරන්නේ අධ්‍යනාංශ ප්‍රධානියා ගේ බලය පාවිච්චි කරමින් තමන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගත් හිටපු අධ්‍යනාංශ ප්‍රධානියා ඇතුළු පිරිසගෙන් රිසිසේ පලිගැනීමය.
“දී කිරට බළල්ලුත් සාක්කි දුන්නාසේ” වන පේරාදෙණි පාලකයන්ගේ මෙම අවකල් ක්‍රියාව සම්බන්ධයෙන් නිසි පියවර ගැනීම අධ්‍යාපන ඇමති ඇතුළු බලධාරින්ගේ අත්නොහලහැකි වගකීම බවද කියන්නට කැමැත්තෙමු.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කීර්තිනාමය විනාශ කරන්නේ මෙවැනි අදබාලයන් සහ ඔවුන්ට උඩගෙඩිදෙන අමන පාලකයන් විසින් බව පේරාදෙණියට හිතැත්තෝ අවබෝධ කර ගනිතැයි අපි අපේක්ෂා කරමු.
















