ඌව පළාතේ දීර්ඝ කාලයක් තිස්සේ ඉඩම් අයිතියක් නොමැතිව පීඩා විඳි ජනතාවගේ ගැටලුවට විසඳුම් ලබා දෙමින්, ඉඩම් බලපත්‍ර 10,000ක් ප්‍රදානය කිරීමේ උත්සවය හෙට (19) දින පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. ඒ අනුව අදාළ බලපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සව දෙකක් පහත පරිදි පැවැත්වීමට නියමිතය.
පෙරවරු 9.00 ට ආඳාඋල්පත ප්‍රාදේශීය සභා පරිශ්‍රයේදී පළමු උත්සවය පැවැත්වේ.
දින දෙවන උත්සවය එදින පස්වරු 2.00 ට මීගහකිවුල ජාතික පාසල් පරිශ්‍රයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
මෙම පියවර මගින් ඌව පළාතේ ඉඩම් අයිතිය තහවුරු නොවීමෙන් අසරණව සිටි පවුල් විශාල සංඛ්‍යාවකට සිය ඉඩම පිළිබඳ නීත්‍යානුකූල අයිතිය හිමිවීම සුවිශේෂී ජයග්‍රහණයක් වනු ඇත.
















