ඇඹිලිපිටිය ජල සම්පාදන ක්‍රමයට අදාළව හුලංදුව පාලම අසල සිදු කිරීමට නියමිත ජල නළ එළීමේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (ජුනි 19) දිනයේදී ප්‍රදේශ කිහිපයක ජල සැපයුම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව අද පෙරවරු 9.00 සිට රාත්‍රී 10.00 දක්වා පැය 13ක කාලයක් මිද්දෙණිය පාර සහ හුලංදුව පාලම ආශ්‍රිත ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවනු ලැබේ.
මෙම අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්ත හේතුවෙන් පාරිභෝගික ජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සිය කණගාටුව පළ කරයි. ජල සැපයුම අත්හිටුවා ඇති කාලය තුළ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස එම මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටී.
















