ක ්‍රීඩා පිටියේ ජයග්‍රහණ සහ පරාජයන්ට එහා ගිය මනුෂ්‍යත්වයේ උතුම්ම ගුණය ලෝකයටම පසක් කරමින්, ඉරාන ජාතික පාපන්දු කණ්ඩායම විසින් සිදුකළ සංවේදී ක්‍රියාවක් මේ වන විට ලොව පුරා කතාබහට ලක්ව තිබේ. ඉරානයේ මිනාබ් නගරයේ පාසලකට එල්ල වූ අමානුෂික මිසයිල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ අහිංසක පාසල් සිසුවියන් 168 දෙනෙකු සිහිපත් කරමින් ඔවුන් මෙක්‍රීඩා පිටියේ ජයග්‍රහණ සහ පරාජයන්ට එහා ගිය මනුෂ්‍යත්වයේ උතුම්ම ගුණය ලෝකයටම පසක් කරමින්, ඉරාන ජාතික පාපන්දු කණ්ඩායම විසින් සිදුකළ සංවේදී ක්‍රියාවක් මේ වන විට ලොව පුරා කතාබහට ලක්ව තිබේ. ඉරානයේ මිනාබ් නගරයේ පාසලකට එල්ල වූ අමානුෂික මිසයිල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ අහිංසක පාසල් සිසුවියන් 168 දෙනෙකු සිහිපත් කරමින් ඔවුන් මෙ#standwithchildrenම උපහාරය පුද කළහ.
මිනාබ් පාසලට එල්ල වූ එම බිහිසුණු ප්‍රහාරය හේතුවෙන් දහසක් බලාපොරොත්තු ඇතිව පාසල් ගිය අහිංසක දරුවන් 168 දෙනෙකුට සිය දිවි අහිමි විය. මෙම ඛේදවාචකයට සිය දැඩි ශෝකය සහ විරෝධය පළ කරමින්, ඉරාන ජාතික පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයින් තරගය ආරම්භයට පෙර පිටියට පිවිසියේ අතිශය සංවේදී අයුරිනි. ඔවුන් තම දෑතින් පාසල් බෑග් (Backpacks) ඉහළට ඔසවාගෙන, මියගිය ඒ අහිංසක දරුවන් සිහි කරමින් නිහඬ උපහාරයක් පුද කළහ. බල අරගල සහ යුද්ධ හේතුවෙන් ලොව පුරා අසරණ වන්නේ කිසිදු වරදක් නැති අහිංසක දරුවන් බව මෙම සිදුවීමෙන් යළිත් වරක් ලෝකයාට කියාපායි.
ක්‍රීඩකයන් තමන් සතු ප්‍රසිද්ධිය සහ අවධානය මෙවැනි උතුම් මානුෂීය කටයුත්තක් වෙනුවෙන් යොදා ගැනීම පිළිබඳව මේ වන විට බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක්ව ඇත. ලෝක සාමය වෙනුවෙන් හඬක් නැගීමට ක්‍රීඩාව වැනි මාධ්‍යයක් උපයෝගී කර ගැනීම අගය කළ යුතු කරුණකි. මෙවැනි අමානුෂික ප්‍රහාරයන්ගෙන් දරුවන්ගේ අනාගතය සුරක්ෂිත ලෝකයක් වෙනුවෙන් අප සැවොම එක්විය යුතුව ඇත.
















