පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවය කරමින් සිටියදී එහි ආරක්ෂක අංශයේ ආරක්‍ෂක පරීක්ෂකවරයෙකු වන ලලිත් වීරසිංහ නැමැත්තා තමන්ට ලිංගික බලපැම් සිදුකරන විට එම අංශයේ සේවය කරන පී.එස්.එන්.කුමාරසිංහ සහ එච්.ඩී.එස්.එන්. සුභසිංහ යන නිලධාරින් දෙදෙනා “මූදේ නැව් ගියාට පාරවල් හිටින්නේ නෑ ඒ නිසා ලලිත් කියන විදිහට ඉන්න රම්‍යලතා” යයි කියමින් ලලිත් වීරසිංහ නැමැත්තාගේ අතවර වලට අනුබල දෙමින් කටයුතු කල බව වින්දිත කාන්තාව මධ්‍යම පලාත් ආණ්ඩුකාරවරයා වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් කියා ඇත.
මෙම නිලධාරීන් දෙදෙනාගේ බලපෑම් සම්බන්ධයෙන් තමන් පොලිස් ප්‍රකාශයේදී ද සටහන් කර තිබෙන බවත් අගමැතිතුමිය වෙත මෙන්ම විශ්වවිද්‍යාල බලධාරින් වෙතද පැමිණිලි කර තිබෙන බවත් කියා සිටින ඇය අගමැති කාර්යාලයෙන් ඒ පිලිබදව සොයා බලමින් කටයුතු කරන නමුත් විශ්වවිද්‍යාල බලධාරින් මෙම අපචාර කරුවන්ට අනුග්‍රහ සලසමින් සහ ඔවුන්ට උසස්වීම් ලබා දෙමින් අසාධාරණ ලෙස කටයුතු කරන බව කියා සිටී.
















