කොංගෝ ජනරජයේ පැතිර යන ඉබෝලා වසංගතය හේතුවෙන් මේ දක්වා සෞඛ්‍ය සේවකයන් 75 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවත්, ඉන් 17 දෙනෙකු මියගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මැයි 15 වන දින නිල වශයෙන් වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට මාස කිහිපයකට පෙර සිටම මෙම වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින්නට ඇති බවට එරට බලධාරීන් සැක පළ කරයි. සෞඛ්‍ය සේවකයන් අතර මරණ වාර්තා වුවද, රට තුළ අත්වැසුම් සහ මුඛ ආවරණ වැනි මූලික ආරක්ෂිත උපකරණවල දැඩි හිඟයක් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව, ජනගහනයට සාපේක්ෂව ලොව අඩුම සෞඛ්‍ය සේවකයන් සිටින රටවල් අතරින් එකක් වන්නේ කොංගෝවයි. එහි සෑම පුද්ගලයන් 10,000කටම සිටින්නේ සෞඛ්‍ය සේවකයන් 11 දෙනෙකු වැනි ඉතා අඩු පිරිසකි.මෙම අභියෝගාත්මක තත්ත්වය හමුවේ සෞඛ්‍ය සේවකයන්ගේ
















