ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ කැනේඩියානු මහ කොමසාරිස් ඉසබෙල් මාටින් (Isabelle Martin) මහත්මිය සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා අතර විශේෂ නිල හමුවක් 18 වැනිදා අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි. එහිදී රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට සහ දූෂණයෙන් තොර පාලන සංස්කෘතියක් ඇති කිරීමට වත්මන් රජය ගෙන ඇති ප්රගතිශීලී පියවර මෙන්ම දිට්වා සුළි කුණාටුව සහ මැදපෙරදිග යුද වාතාවරණය වැනි ගෝලීය අර්බුද හමුවේ වුවද ජනතා අභිලාෂයන් ඉටු කිරීමට රජය දක්වන සමත්කම මහ කොමසාරිස්වරියගේ ඉහළ ඇගයීමට ලක්විය. මෙහිදී අමාත්‍යවරයා විසින් දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන වන “ප්‍රජා ශක්ති” ව්‍යාපෘතිය පිළිබඳව ඇයව දැනුවත් කළ අතර, ග්‍රාමීය දිළිඳුකම තුරන් කිරීම, අඩු ආදායම්ලාභී පවුල් සවිබලගැන්වීම මෙන්ම වැඩිහිටි හා ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් ක්‍රියාත්මක සමාජ ආරක්ෂණ වැඩසටහන් ශක්තිමත් කිරීම සඳහා කැනේඩියානු රජයේ පූර්ණ සහයෝගය සහ අවශ්‍ය තාක්ෂණික දායකත්වය ලබාදීමට මහ කොමසාරිස්වරිය මෙහිදී නිල වශයෙන් එකඟතාව පළ කළාය.
















