විභාග ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ යම් විෂයයක් හෝ සියලුම විෂයන් අසමත් වූ සිසුන් කිසිදු ලෙසකින් අධෛර්යයට පත් නොවන ලෙස විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි මහත්මිය පවසයි.
විභාග ප්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කළාය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කොමසාරිස් ජනරාල්වරිය අවධාරණය කළේ, මෙවැනි අවස්ථාවක දරුවන් බලාපොරොත්තු සුන් කර නොගෙන යළිත් අධ්‍යාපන කටයුතු කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි.
තවදුරටත් අදහස් දැක්වූ ඇය, “එම දරුවන් බලාපොරොත්තු සුන් කර නොගෙන දිනපතා පාසලට පැමිණ, තමන්ට ඉගැන්වෙන විෂය කරුණු නැවත වරක් හොඳින් අධ්‍යයනය කර, එළඹෙන විභාගයට නැවත පෙනී සිටීමට දැඩි අධිෂ්ඨානයක් ඇති කරගත යුතුයි” යනුවෙන් සිසු දරුවන්ව දිරිමත් කළාය.
එසේම, අසමත් වූ සියලු දරුවන්ට ලබන වසරේ විභාගය ජය ගැනීමට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ලැබේවායි තමා ප්‍රාර්ථනා කරන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරිය සිය පණිවිඩය අවසන් කරමින් ප්‍රකාශ කළාය.
















