සැලකූ ආකාරයෙන් ආහාර ගැනීම පමණක් ප්‍රතික්ෂේප කර ඇති බවත්, ඉතුරු ක්‍රමවලින් ආහාර ලබාගැනීම කිසිසේත්ම ප්‍රතික්ෂේප කර නොමැති බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. දින 12ක් හෝ 13ක් වැනි කාලයක් සාමාන්‍ය පරිදි නොසිට ආහාර වර්ජනයක යෙදීම කිසිදු තේරුමක් නොමැති ක්‍රියාවක් බවත්, එවැනි තත්ත්වයන් තුළ ශරීරය පවත්වාගෙන යාම අපහසු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, අපරාධ සහායකයින් සහ අපරාධ තොරතුරු ආරක්ෂා කිරීම වෙනුවට තමන් දන්නා තොරතුරු අපක්ෂපාතීව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් වෙත ඉදිරිපත් කිරීම වඩාත් සුදුසු බවයි.
















