ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දියබෙදුම පෙරකුම්ගම රණවිරු නිවාස ව්‍යාපෘතියට බලපා ඇති ගැටලු විසඳීම සහ එහි යටිතල පහසුකම් සංවර්ධනය කඩිනම් කිරීම සඳහා වන සම්බන්ධීකරණ රැස්වීමක් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ජුනි 17 දින ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.
මෙම ව්‍යාපෘතියේ ප්‍රතිලාභීන් මුහුණ දෙන ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීම, ඇනහිට ඇති සංවර්ධන කටයුතු යළි ආරම්භ කිරීම සහ ඉදිරියේදී සිදුකිරීමට නියමිත ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකාව සඳහා අවශ්‍ය කරුණු සම්බන්ධීකරණය කිරීම මෙම සාකච්ඡාවේ මූලික අරමුණ විය.
සාකච්ඡාවේදී අනාවරණය වූයේ ප්‍රතිලාභීන් සැලසුම් කළ පරිදි අදාළ ප්‍රදේශයේ පදිංචි නොවීම හේතුවෙන් එම ප්‍රදේශයේ මානව-අලි ගැටුම් වර්ධනය වී ඇති බවයි. තවද, ජල සැපයුම, විදුලිය සහ මාර්ග ඉදිකිරීම ඇතුළු අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධන කටයුතු ප්‍රමාද වීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.
මෙම ගැටලු සඳහා පානීය ජල ගැටලුවට කුඩා පරිමාණ ජල ව්‍යාපෘති සහ ප්‍රජා මූලික ව්‍යාපෘති හරහා කඩිනම් විසඳුම් ලබාදීමට ඇලහැර ප්‍රාදේශීය සභාවට සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට උපදෙස් ලබා දෙන ලදී. රණවිරු ඉඩම් ජනපදය තුළ පවතින මාර්ග පද්ධතිය ප්‍රාදේශීය අධිකාරියේ මැදිහත්වීමෙන් කඩිනමින් සංවර්ධනය කරන ලෙස ද නියෝග කෙරිණි. එසේම, වෙන් කර ඇති ඉඩම් බාහිර පාර්ශ්වයන්ට බදු දීම වැළැක්වීමට සහ එමගින් ඇතිවිය හැකි අනවසර හිමිකම් පෑමේ ප්රවණතා මැඩපැවැත්වීමට විශේෂ අවධානයක් යොමු කෙරිණි.
මෙම අවස්ථාවට ආරක්ෂක අමාත්‍යාංශය, රණවිරු සේවා අධිකාරිය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා, නාවික හා ගුවන් හමුදා සුබසාධක අධ්යක්ෂ මණ්ඩල, පොලිස් සුබසාධක කොට්ඨාසය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ යුද හමුදා සමීක්ෂණ ශාඛාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. ගත් තීරණ ක්‍රියාත්මක කිරීම සහ ව්‍යාපෘතියේ ප්‍රගතිය පරීක්ෂා කිරීම සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ඉදිරි දින කිහිපයේදී පෙරකුම්ගම රණවිරු ඉඩම් සංවර්ධන ව්‍යාපෘතියේ ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට නියමිතය.
















