අතුරුදහන් වූ පුද්ගලයින් සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති පැමිණිලි විමර්ශනය කරනු ලබන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අද (20) පෙරවරුවේ යාපනය නල්ලූර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණියේය.
මෙම අවස්ථාව සඳහා ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කේ. ඉලංකුමාරන් සහ ශ්‍රී භවනන්දරාජා යන මහත්වරුන් ද සහභාගී වූහ. ඊට අමතරව, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සභාපති මහේෂ් කටුලන්ද මහතා, යාපනය සිංහ සමාජයේ සභාපති පද්මනාදන් මහතා, අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් සහ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
අතුරුදහන් වූවන්ගේ ගැටලු සම්බන්ධයෙන් විනිවිදභාවයකින් සහ කාර්යක්ෂමව විමර්ශන කටයුතු සිදු කිරීමේ වැදගත්කම මෙම නිරීක්ෂණ චාරිකාවේදී අවධාරණය කෙරිණි.
















