ඉරානය සමඟ හෙට (21) ස්විට්සර්ලන්තයේදී පැවැත්වීමට නියමිත නව වටයක සුවිශේෂී රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා සඳහා සහභාගි වන ඇමරිකානු දූත පිරිසේ නායකත්වය ජේ.ඩී. වෑන්ස් (J.D. Vance) විසින් දරනු ලබන බව වාර්තා වනවා. මෙම තීරණාත්මක සාකච්ඡා මේසය සඳහා ජැරඩ් කුෂ්නර් (Jared Kushner), ස්ටීව් විට්කොෆ් (Steve Witkoff) යන ප්‍රබල ඇමරිකානු නියෝජිතයන් මෙන්ම කටාර් සහ පකිස්ථාන රාජ්‍යතාන්ත්‍රික මැදිහත්කරුවන් ද එක්වීමට නියමිතයි. මීට අමතරව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) ප්‍රධානී රෆායෙල් ග්‍රොසි (Rafael Grossi) ද මෙම අවස්ථාවට සම්බන්ධ වන අතර, මෙම සමස්ත සාකච්ඡා වටයේ ව්‍යුහය මීට පෙර පැවැත්වුණු ඉස්ලාමාබාද් සාකච්ඡාවලට බෙහෙවින් සමාන ස්වරූපයක් ගන්නා බවයි විදේශ වාර්තා පෙන්වා දෙන්නේ.
මෙම හදිසි රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ කලාපීය වශයෙන් ඉතා වැදගත් යුදමය තීරණයකින් අනතුරුව වීම විශේෂත්වයක්. එනම්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ආරක්ෂක අමාත්‍ය කට්ස් (Katz) විසින් ඊශ්‍රායල හමුදාවන්ට දකුණු ලෙබනනයේ තමන් පාලනය කරන ප්‍රදේශවල රැඳී සිටිමින්, ඔවුන්ගේ හමුදා මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවන ලෙස (hold operations) නියෝග කිරීමෙන් සුළු මොහොතකට පසුවයි ඇමරිකාව සහ ඉරානය අතර මෙම ස්විට්සර්ලන්ත සාකච්ඡා වටය සංවිධානය වී ඇත්තේ.
















