පේරාදෙණිය විශ්වවිද්‍යාලය ක‍්‍රියාත්මක වන්නේ මෙරට නීතියට අවනත නොවන “මුදා නොගත් කලාපයක්” ලෙසිනි.එහි ක‍්‍රියාත්මක නීතිය රටේ පොදු නීතිය නොව එහි පාලකයන්ගේ රුචි අරුචිකම්ය.පාලකයන්ගේ නොපනත්කම්වලට අවනත නොවන සේවකයන්ට ”ලොවෙත් නැති නීති” ක‍්‍රියාත්මක වන අතර පාලකයන්ගේ අන්තේවාසිකයන් සදහා නීතිය අඩියටම නැමීමෙන් නොනැවතී නීති සෑදීමට වුවද ඔවුහූ පසුබට නොවෙති.
එවැනි නොපනත්කම් රාශියක තොරතුරු අප සතුව ඇති අතර ජයනාත්ගේ සිදුවීම ඒ සියල්ලට උදාහරණයක් පමණි.මෙම සිද්ධිදාමයේදී නීතිය නැමූ හැටි පිලිබදව වඩාත් හොදින් අවබෝධ කරගැනීමට පාඨකයාට ඉඩ සලසනු පිණිස පියවර කිහිපයකින් යුතුව මෙම හෙලිදරව්ව සිදු කිරීමට අපට සිදුව තිබේ. එහි පියවර කිහිපයක් පෙර පලකරන ලද අතර අද හෙලිදරව්ව එහි අවසන් අදියරේ වඩාත් අපුල දනවන සිදුවීම් දාමයක් පිලිබදවය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යා හා තාක්‍ෂණික දෙපාර්තමේන්තුවේ (Food Science and Technology) කථිකාචාර්ය එන්.වයි.ජයනාත් යන අයට එරෙහි විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා විසින් සිදුකරන ලද සහ බරපතල දඩුවම් නිර්දේශ කරන ලද විධිමත් විනය පරීක්‍ෂණයේ වාර්ථාව ඉදිරිපත් කර ඇත්තේ 2023-01-13 වන දිනය.එය පෙබරවාරි මාසයේ පැවැති 524 වන පාලක සභාව වෙත ඉදිරිපත්ව තිබේ.
එහිදී පාලක සභාව තීරණය කර ඇත්තේ ජයනාත් නැමැත්තාට අවවාද කිරීමේ ලිපියක් නිකුත් කිරීමට, ඔහුගේ උසස්වීම් වසරකට අත්හිටුවීමට සහ වසර තුනක් පීඨාධිපතිවරයාගේ අධීක්‍ෂණය යටතේ තැබීමටයි.
පේරාදෙණිය පාලකයන් නීතිය අඩියටම නැමූ හැටි හොදහැටි පැහැදිලි වන්නේ මෙම දඩුවම් පිලිබදව සහ ඒවා ක‍්‍රියාත්මක කල ආකාරය ගැන සලකා බැලීමේදීය.
බරපතල චෝදනා 10 කට වරදකරු වූ පුද්ගලයෙකුට අවවාද කිරීමක් (දඩුවමක් නොවන) නිකුත් කිරීම සහ වසර තුනක් පීඨාධිපතිවරයාගේ අධීක්‍ෂණය යටතේ තැබීම යන ඒවා විශ්වවිද්‍යාල ආයතන සංග‍්‍රහයට බැහැරින් ඔබ්බවන ලද ”පේරාදෙණිය ස්පෙෂල් බඩු” ය.එහි අරමුණ ජයනාත්ට දඩුවම් දෙන බව පෙන්වා සත්‍ය වශයෙන්ම දඩුවමක් නොදී සිටීමය.
ඔහුගේ උසස්වීම් වසරකට අත්හිටුවීමට තීරණය කිරීම විශ්වවිද්‍යාල ආයතන සංග‍්‍රහයේ එකී බරපතල වැරදි සදහා ලබාදිය යුතු බවට නිර්දේශ කර ඇති අවම දඩුවමකි. ජයනාත්ට හිතවත් පාලකයන්ගේ කොලේ වසා ගැහිල්ල මෙම දඩුවම ක‍්‍රියාත්මක කල ආකාරය අනුව නිරුවත්ව පෙනේ.
විධිමත් පරීක්‍ෂණයකින් පසුව දඩුවම් නියම කල විට අදාල දඩුවම ක‍්‍රියාත්මක වන්නේ එකී විධිමත් පරීක්‍ෂණයට චෝදනා පත‍්‍ර භාරදුන් දින සිටය.
ජයනාත්ට චෝදනා පත‍්‍ර භාරදී තිබෙන්නේ 2022 වසරේ ජනවාරි මාසයේ හෝ ඊට ආසන්න දිනෙක වන අතර අදාල විධිමත් පරීක්‍ෂණය 2022-01-09 දින ආරම්භ කර 2022-12-30 වන දින එහි වාර්ථාව භාරදී තිබේ. ඒ අනුව ජයනාත්ට නියමකල බරපතල දඩුවම වන වසරකට උසස්වීම් අත්හිටුවීම ක‍්‍රියාත්මක වන්නේ 2022 වසරට අදාලවය.ඔහුට දඩුවම් නියම කෙරෙන 2022 පෙබරවාරි මස පැවැති 524 වන පාලක සභාව පැවැත්වෙන අවස්ථාව වන විටත් අදාල දඩුවම ගෙවී හමාරය.
මෙම දින වකවානු සමග සිදුකර ඇති ඉලක්කම් සෙල්ලම කොළේ වසා ගැහිල්ලක් මිස අදාල පාලකයන් ගණිතය නොදැන සිදුකල කටයුත්තක් බව අප විශ්වාස කරන්නේ නැත.
ඒ අනුව විධිමත් පරීක්‍ෂණය නිමවූ වහාම එතෙක් වැඩ තහනම් කර තිබුන ජයනාත් නැවත සේවයේ පිහිටුවන අතර ඔහු එතෙක් දරන ලද සහකාර කථිකාර්ය තනතුරෙන් ස්ථීර කථිකාචාර්ය තනතුරට උසස්වීමක්ද ලබාදේ.
ඉන් අනතුරුව කරළියට එන්නේ මෙම නාටකයේ වඩාත් ජුගුප්සාජනකම කොටසයි.
උපකුලපති මෙන්ම ආහාර විද්‍යා හා තාක්‍ෂණික දෙපාර්තමේන්තුවේ (Food Science and Technology) ප‍්‍රධාන මහාචාර්ය (Department Chair) ලෙස ටෙරන්ස් මධුජිත්ගේ පූර්ණ අනුමැතිය මත එන්.වයි.ජයනාත් අංශ ප‍්‍රධාන ලෙස පත් කරනු ලබයි.
මහාචාර්ය ඉරේෂා මෙන්ඩිස් මහත්මියගෙන් පලිගැනීමේ ගුත්තිල මූසිල කථාව ඇරඹෙන්නේ ඉන් අනතුරුවය.
මතු සම්බන්ධයි…
















