චීන තානාපති කී සෙන්හොං මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) මහලේකම් ටිල්වින් සිල්වා මහතා අතර හමුවක් ඊයේ (20) පැලවත්තෙහි පිහිටි ජවිපෙ මූලස්ථානයේදී පැවැත්විණි.
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය ජූලි 1 වන දිනට යෙදී ඇති අතර, ඒ පිළිබඳව චීන තානාපතිවරයා ජවිපෙ මහලේකම්වරයාව දැනුවත් කළේය. එම අවස්ථාව සැමරීම සඳහා කොළඹදී පැවැත්වෙන උත්සවයට සහභාගී වන ලෙස ටිල්වින් සිල්වා මහතාට ආරාධනා කෙරිණි.
එමෙන්ම ජවිපෙ සහ ජාතික ජන බලවේගයේ (ජාජබ) සාමාජිකයින් සහ ක්‍රියාකාරීන් සඳහා චීනය විසින් සංවිධානය කරනු ලබන අධ්‍යාපනික වැඩසටහන් පිළිබඳව ද දෙපාර්ශවය සාකච්ඡා කළහ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ෂී ජින්පිං මහතා විසින් රචිත ‘The Governance of China’ කෘති මාලාවේ පස්වන වෙළුමක පිටපතක් ද චීන තානාපතිවරයා විසින් මෙහිදී ටිල්වින් සිල්වා මහතා වෙත පිළිගන්වන ලදී.
















