සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම රට තුළද දැඩි ලෙස කතාබහට ලක්වූ රාජාංගනයේ සද්ධාරතන හිමියන් ශාසනයෙන් නෙරපීමෙන් පසුව, උන්වහන්සේ සිය විහාරස්ථානයෙන් නික්ම ගොස් තිබේ.
උන්වහන්සේ පන්සලෙන් නික්ම යන අවස්ථාවේදී ප්‍රදේශවාසීන් සහ දායක දායිකාවන් විශාල පිරිසක් විහාරස්ථානයට රැස්ව සිටි අතර, එම අවස්ථාව බෙහෙවින් සංවේදී විය.රාජාංගනයේ සද්ධාරතන හිමියන්ට විහාරස්ථානයෙන් නික්ම නොයන ලෙසත්, එහිම රැඳී සිටින ලෙසත් ගමේ ජනතාව සහ දායකයින් හඬා වැටෙමින් දැඩි ලෙස ඉල්ලා සිටියහ.කෙසේවෙතත්, දායකයින්ගේ එම දැඩි ඉල්ලීම් නොතකා, සංඝ සභාවේ තීරණයට අනුව උන්වහන්සේ පන්සල හැරදා නික්ම යාමට කටයුතු කළහ.
සමාජය තුළ විවිධ මතභේදයන්ට තුඩු දුන් චරිතයක් වුවද, උන්වහන්සේ පන්සලෙන් නික්ම යන අවස්ථාවේ ගම්වැසියන් දැක්වූ මෙම සංවේදී ප්‍රතිචාරය පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍ය තුළ පුළුල් කතාබහක් ඇතිවී තිබේ.
















