ක්‍රීඩා විමර්ශන ඒකකය හමුවේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය ලබා දී ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ දැඩි කථිකාවක් නිර්මාණය වී තිබේ. තරඟාවලි සඳහා වන ඇතුළත්වීමේ ගාස්තු තීරණය කරන්නේ අනුබද්ධ සංගම් විසින් බවත්, තිළිණ ත්‍යාග මුදල් තීරණය කිරීම සංගමයේ පාලනයෙන් බැහැරව සංවිධායකයින් විසින් සිදුකරන්නක් බවත් බැඩ්මින්ටන් සංගමය ප්‍රකාශ කර ඇත.
කෙසේ වෙතත්, මෙම ප්‍රකාශය හමුවේ ක්‍රීඩා විචාරකයින් සහ පාර්ශ්වකරුවන් ප්‍රශ්න කරන්නේ, ත්‍යාග මුදල් සහ ගාස්තු පාලනය කිරීමට සංගමයට නොහැකි නම්, වැඩි ත්‍යාග මුදලක් පිරිනැමීමට සූදානම් වෙනත් සංවිධායකයින්ට ශ්‍රේණිගත කිරීමේ අයිතිය ලබාදීමට සංගමය කටයුතු නොකරන්නේ මන්ද යන්නයි.
මෙහිදී නැගී එන ප්‍රධාන චෝදනාව වන්නේ, සංගමයේ බලයේ සිටින නිලධාරී කණ්ඩායම ජයග්‍රාහකයින්ගේ ත්‍යාග මුදල් පාලනය කිරීම හරහා තම අනුබද්ධිත සමාජ වෙත මූල්‍යමය වාසි සලසමින්, ඉදිරි නිලවරණවලදී එම අනුබද්ධ සමාජවල ඡන්ද පදනම තමන් වෙත තහවුරු කරගැනීමට කටයුතු කරන බවයි.
ක්‍රීඩා අමාත්‍යාංශය විසින් මෙවැනි පරිපාලනමය විෂමාචාර සහ නියාමනයන් නිසි ලෙස අධීක්ෂණය නොකරන්නේ නම්, නව ගැසට් නිවේදන නිකුත් කිරීමෙන් පලක් නොවන බවත්, ඒ හරහා පැරණි නිලධාරීන්ම නැවත බලයට පත්වීමේ දූෂිත චක්‍රය නතර කළ නොහැකි බවත් වැඩිදුරටත් මතපළ වේ.













