අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් ශුක්‍රාණු පිසදැමූ බවට බාලවයස්කාර දැරිය විසින් පෙන්වන ලද ආවාස ගෙයි තිබූ පාපිස්සෙහි එම හිමියන්ගේ ශුක්‍රාණු පැවති බව රස පරීක්ෂණ වාර්තාවෙන් තහවුරු වී ඇතැයි රජයේ රස පරීක්ෂකවරයා අධිකරණයට දැනුම් දී තිබේ. අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති රස පරීක්ෂණ වාර්තාව මගින් අදාළ පාපිස්සෙහි දෙපැත්තෙහිම සැකකාර හිමියන්ගේ ශුක්‍රාණු පැවති බව දක්වා ඇත.
මේ අතර, අදාළ ස්ථානීය පරීක්ෂණයේදී පොලිස් භාරයට ගෙන රස පරීක්ෂකවරයා වෙත යොමු කළ හිස කෙස් කොටස වින්දිත දැරියගේ නොව වෙනත් කාන්තාවකට අයත් එකක් බවද රස පරීක්ෂණ වාර්තාවේ තවදුරටත් සඳහන් වේ. මෙම සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකාර පල්ලේගම හේමරතන හිමියන් දැනට අධිකරණය මගින් නියම කළ දැඩි ඇප කොන්දේසි සහ විදෙස් ගමන් තහනමක් මත පසුවේ.















