එල්නිනෝ තත්ත්වය සමඟ ඉදිරියේදී විදුලි ඉල්ලුම ඉහළ යා හැකි අතර, ජල මූලාශ්‍ර සිඳී යාමත් සමඟ විදුලි උත්පාදනය පහළ යා හැකි බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසයි. එවැනි තත්ත්වයක් තුළ ඉදිරියේදී විදුලි කප්පාදුවකට යාමට සිදුවීමේ හැකියාවක් පවතින බව එම කොමිසමේ අධ්‍යක්ෂ K. P. L. චන්ද්‍රලාල් මහතා සඳහන් කරයි.
පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මත පදනම් වූ විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේ මිල ගණන් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් අද (24) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව පැවසීය.














