• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඓතිහාසික කොළඹ කොටුව සංචාරක කලාපයක් කිරීමට ලෝක බැංකුවේ සහාය!

24 August 2026
in දේශීය, පුවත්
ඓතිහාසික කොළඹ කොටුව  සංචාරක කලාපයක් කිරීමට  ලෝක බැංකුවේ සහාය!
0
SHARES
9
VIEWS
Share on FacebookShare on Twitter
ලෝක බැංකු ණය සහ ආධාර යටතේ ක්‍රියාත්මක කෙරෙන කොළඹ කොටුව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය මෙන්ම මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (24) පෙරවරුවේ පැවැත්විණි.
ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන ලෝක බැංකු කළමනාකරු Gevorg Sargsyan මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම සහ ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා අතර මෙම සාකච්ඡාව පවත්වා තිබේ. කොළඹ කොටුව ඓතිහාසික උරුමය සුරකිමින් සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මීට පෙර පැවති සාකච්ඡාවේදී මතුවූ කරුණු පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙනුත්, කෘෂි ව්‍යාපාර, වරාය සහ සැපයුම් සේවා මෙන්ම බලශක්ති යන ක්ෂේත්‍රයන්හි අපේක්ෂිත ඉලක්ක කරා ළඟා වීමටත් අවශ්‍ය සහය ලබා දීමට සූදානම් බව ලෝක බැංකු නියෝජිතයෝ මෙහිදී වැඩිදුරටත් සඳහන් කළහ. එමෙන්ම, කොළඹ කොටුව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට මෙන්ම ස්වභාවික සෞන්දර්ය පදනම් කරගත් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමටත්, උතුරු නැගෙනහිර සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම වෙනුවෙනුත් ලබා දිය හැකි දායකත්වය පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන ලෝක බැංකු කළමනාකරණ ඒකකයේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් නිලධාරී Stephan Massing සහ ලෝක බැංකු නියෝජිත කණ්ඩායමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී අසේල දිසානායක යන මහත්වරුද එක්ව සිටියහ.
Post Views: 20
Previous Post

එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

Next Post

තෙවැනි රන්දෝලි පෙරහැරට මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්!

Editor TTV News

Editor TTV News

Next Post
තෙවැනි රන්දෝලි පෙරහැරට මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්!

තෙවැනි රන්දෝලි පෙරහැරට මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අගෝස්තු මාසයේ උද්ධමනය  8.1% දක්වා  ඉහළට

අගෝස්තු මාසයේ උද්ධමනය 8.1% දක්වා ඉහළට

21 September 2026
සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

21 September 2026
කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

21 September 2026
අතුරුදහන් වූවන්ගේ පවුල්වල සුබසාධනය ඇතුළු කරුණු ගැන ස්විට්සර්ලන්ත තානාපති සහ අධිකරණ ඇමති අතර සාකච්ඡාවක්

අතුරුදහන් වූවන්ගේ පවුල්වල සුබසාධනය ඇතුළු කරුණු ගැන ස්විට්සර්ලන්ත තානාපති සහ අධිකරණ ඇමති අතර සාකච්ඡාවක්

21 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

21 September 2026
කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

21 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved