ගොවි නායකයින් ලෙස පෙනී සිටින ඇතැම් පුද්ගලයින් ගම්වල කසිප්පු පෙරන අය බව නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පවසයි.එවැනි පුද්ගලයින්ගේ කුප්‍රකට ක්‍රියාකලාපයන් ඉදිරියේදී රටට හෙළිදරව් කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.ඇතැම් ගොවි නායකයින් විරෝධතා පවත්වන්නේ රජය පෙරළීමේ අරමුණින් බවත්, සෑම විරෝධතාවක් පිටුපසම වෙනත් සැඟවුණු අරමුණක් පවතින බවත් ඔහු අවධාරණය කරයි.ගොවි වෙස් ගෙන උද්ඝෝෂණවල නිරත වන විපක්ෂයේ කණ්ඩායම්වලට රජය ඇහුම්කන් නොදෙන බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා වැඩිදුරටත් කියා සිටී.
















