2026 අ.පො.ස. උසස් පෙළ විභාගයේ උත්තරපත්‍ර ඇගයීම් කටයුතු සඳහා පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් කැඳවීමේ කාල සීමාව දීර්ඝ කර තිබේ.
මෙතෙක් අයදුම් කිරීමට නොහැකි වූ පරීක්ෂකවරුන්ගේ ඉල්ලීම් සලකා බලා, මෙම මාර්ගගත (Online) අයදුම්පත් කැඳවීම 2026 ජූනි 26 වැනිදා දක්වා දීර්ඝ කිරීමට විභාග කොමසාරිස් ජනරාල්වරයා පියවර ගෙන ඇත.
අයදුම් කිරීම සඳහා: https://onlineexams.gov.lk/eic
තාක්ෂණික සහාය සහ වැඩිදුර තොරතුරු සඳහා
තාක්ෂණික සහාය සඳහා: 0113661122 හෝ 0113671568 (මාර්ගගත ශාඛාව)
පාසල් විභාග ඇගයීම් ශාඛාව සඳහා: 0112785231 හෝ 0112785681
















