මහමග සිදුවන අනතුරු අවම කිරීමේ අරමුණින් රජයේ මෙහෙයවීම මත ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘ටේක්කෙයාර් – සුරැකෙමු මගතොට’ වැඩසටහනේ දෙවන අදියරේ 8 වන වැඩසටහන හෙට (23) ආරම්භ වීමට නියමිතය.මෙම ව්‍යාපෘතිය යටතේ මේ වන විට වැඩසටහන් 7ක් සාර්ථකව නිම කර ඇති අතර, එහි 8 වන වැඩසටහන හෙට දින උතුරු පළාතේ මන්නාරම දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.
















