අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ ජුනි මාසයේ දෙවන අදියරට අදාළ ප්‍රතිලාභ මුදල් අද (23) සිට ලබාගත හැකි බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි.
මෙම අදියර යටතේ පවුල් 270,025ක් සඳහා ප්‍රතිලාභ හිමිවේ. ඒ වෙනුවෙන් රුපියල් තුන් බිලියන දෙසිය අසූහත් මිලියන එකසිය හැට තුන්දහස් හත්සිය පනහක (රු. 3,287,163,750) මුදලක් අද දින අදාළ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතය.
















