සෙමමදු වන රක්ෂිතයේ නීතිවිරෝධී ලෙස පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කටයුතුවල නිරත වූ පුද්ගලයන් තිදෙනෙකු බෝගස්වැව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
බෝගස්වැව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත ඊයේ (22) දින සිදු කළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. කැණීම් සඳහා යොදාගත් උපකරණ ද පොලිසිය විසින් සිය භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් නාච්චාදූව සහ පූනෑව ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන් 23, 38 සහ 74 යන වයස්වල පසුවන්නන් බව පොලිසිය සඳහන් කරයි. බෝගස්වැව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.
















