මෙම වසරේ (2026) පැවැත්වෙන අපොස උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා සහභාගී වන පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් භාරගැනීමේ කාලය දීර්ඝ කර තිබේ.
අයදුම්පත් ඉදිරිපත් කිරීමට නොහැකි වූ පරීක්ෂකවරුන් විසින් කළ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව, මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවසන් දිනය ජුනි 26 වනදා දක්වා දීර්ඝ කර ඇත.
අදාළ අයදුම්පත් https://onlineexams.gov.lk/eic නිල වෙබ් අඩවිය හරහා ඉදිරිපත් කළ හැකිය.
අයදුම් කිරීමේදී තාක්ෂණික ගැටලු පැන නගී නම්, මාර්ගගත අංශය (Online Branch) සඳහා 011-3661122 හෝ 011-3671568 යන අංකවලටද, පාසල් විභාග ඇගයීම් අංශය සඳහා 011-2785231 හෝ 011-2785681 යන අංකවලටද අමතා සහාය ලබා ගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
















