තම සාම්ප්‍රදායික ධීවර කර්මාන්තය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් බලධාරීන් නිසි වැඩපිළිවෙළක් හෝ තීරණයක් නොගැනීමට විරෝධය පළ කරමින් මාදැල් ධීවර පිරිසක් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අසල සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ.
සමස්ත ලංකා මාදැල් සමුපකාර සංගමයේ ලේකම් ආර්. ඒ. දිල්රුක් ප්‍රනාන්දු මහතා පවසන්නේ, මෙම විරෝධතාව අද (23) දිනයේත් එම ස්ථානයේදී ක්‍රියාත්මක වන බවයි. සිය ගැටලුවට හෙට (24) දිනය වන විට විසඳුමක් ලැබෙනු ඇතැයි ඔවුහු අපේක්ෂා කරති.
















