• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කථිකාචාර්යවරයාගේ අවකල් ක‍්‍රියා බිරිදත් දැන ඉදලා ගිනි තබා ඇත්තේ ශිෂ්‍යාව විසින් සලකුණු කළ පිලිතුරුපත් බව තහවුරු වෙලා

23 June 2026
in දේශීය, පුවත්
කථිකාචාර්යවරයාගේ අවකල් ක‍්‍රියා බිරිදත් දැන ඉදලා ගිනි තබා ඇත්තේ ශිෂ්‍යාව විසින් සලකුණු කළ පිලිතුරුපත් බව තහවුරු වෙලා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ, ආහාර විද්‍යාව සහ තාක්‍ෂණ දෙපාර්තමේන්තුවේ, කථිකාචාර්ය එන්.වයි.ජයනාත් නැමැත්තා විසින් සිදුකල බවට ඔප්පු වී ඇති පිලිතුරුපත් ගිණි තැබීමේ සිදුවීමේ වඩාත් අප‍්‍රසන්න සහ සදාචාරවත් නොවන කොටස පිලිබදව අප අද දින හෙලිදරව් කරනු ලබන්නේ හුදී ජන පහන් සංවේගය සදහාමය.
මෙවැනි අවිචාරවත් ක‍්‍රියාවන් විශ්වවිද්‍යාලයක තබා වහල් සේවයදීවත් සිදු වීමට ඉඩ නොතැබිය යුතු බව යහපත් සමාජයක් පතනා සියල්ලෝ තර්කයකින් තොරව පිලි ගන්නවා ඇත. වරදකට දඩුවම් ලබාදිය යුත්තේ එකී වරද සිදුකල පුද්ගලයාට දඩුවමක් ලබාදීමට අතිරේකව එදෙස බලා සිටිනා අන් තැනැත්තන්ටද එවැනි වැරදි නොකිරීම සදහා පාඩමක් වනු පිණිසය. ඒ අනුව ජයනාත්ගේ විෂමාචාරයට අදාලව පේරාදෙණිය බලධාරීන් ලබාදී ඇති පූර්වාදර්ශය නුසුදුසු බව අමුතුවෙන් කිව යුතු නොවේ.
ජයනාත්ගේ භාර්යාව වන ප‍්‍රභාෂි සෞම්‍යා ජයවීර යන අය විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා වෙත සාක්‍ෂි ලබාදීමට කැදවා ඇත්තේ චූදිත නිලධාරී ජයනාත් වෙනුවෙන් සාක්‍ෂි ලබාදීමටය.
එහෙත් ඇයගේ සාක්‍ෂි මගින් සිදුව ඇත්තේ ජයනාත්ගේ තක්කඩිකම මනාව හෙලිදරව්වීමය.ඇය ලබාදුන් සාක්‍ෂිය අදාළ වාර්තාවේ 31 වන පිටුවේ ඇතුලත් කර තිබේ. ඊට අනුව අදාළ තැනැත්තිය ගුරුවරියක් බවත් ඇය සිය නිවසේ ගබඩා කර තිබුන පිලිතුරු පත‍්‍ර පිලිබදව පෙර දැන සිට ඇති බවත් අනාවරණය වී ඇත.පසුව ඇය විසින් මෙම පිලිතුරු පත් ගිණි තැබූ බව ප‍්‍රකාශ කර තිබෙන්නේ ජයනාත්ගේ ඉගැන්නුම් බහට අවනතව බව පෙනෙන්නට තිබේ.
ජයනාත් නැමැත්තා විසින් නැවත භාර නොදුන් පිළිතුරු පත‍්‍ර හා උල්පත්කුඹුර ශිෂ්‍යාව විසින් පරීක්‍ෂා කලායැයි කියනු ලබන පිළිතුරු පත‍්‍ර අතර පැහැදිලි සම්බන්ධතාවයක් ඇති බව මහාචාර්ය ඉරේෂා මෙන්ඩිස් මහත්මිය විසින් සැක හැර හදුනාගත් බව ලලිත් ඒකනායක කමිටුව වෙත ප‍්‍රකාශ කර ඇත.ඒ බව අදාල වාර්තාවේ 37 වන පිටුවේ සටහන්ව තිබේ.
ඒ අනුව පැහැදිලි වන්නේ සිය ගැලවීම පිණිස මෙම පිලිතුරු පත් ගිණි තැබීම හැර වෙනත් විකල්පයක් ජයනාත් වෙත තිබී නොමැති බවය.
උල්පත්කූඹුර නම් ශිෂ්‍යාව සිය සාක්‍ෂියේදී ප‍්‍රකාශ කර ඇත්තේ ජයනාත් මහතාගේ පෙරැත්තය සහ ආරාධනය මත ඔහුගේ නිවසට ආ ගිය බවයි.ඒසේම ජයනාත්ගේ භාර්යාවද සිය සාක්‍ෂියෙන් උල්පත්කුඹුර ශිෂ්‍යාව සිය නිවසට නිතර ආ ගිය බව පිලිගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් ජයනාත් කියන කථාව “කුඩු කෑ කථාව” සිහිගන්වයි.එය පාඨකයා සිනහ ගන්වනවා නොඅනුමානය.ඔහු කියන්නේ කුමක්ද? ලලිත් ඒකනායක වාර්ථාවේ 30 වන පිටුවේ සටහන්ව තිබෙන ලෙසට උල්පත්කුඹුර ශිෂ්‍යාව ජයනාත්ගේ පර්යේෂණ කටයුතු සදහා උපකාර කර ඇති අතර නිවසටද නිතර ආ ගිය තැනැත්තියකි. ඇය උපකාර කරන ලද්දේ කුමන ආකාරයේ පර්යේෂණ වලටදැයි ජයනාත් කියා නැත.ඇතැම් විට බ්‍රහ්මාවචර පරීක්ෂාව හෝ කන්‍යාපටල පරීක්ෂාව වැනි වැදගත් පර්යේෂණ ඔහු ඇයගේ උපකාරයෙන් සිදුකරන්නට ඇත. ඇය ජයනාත්ගේ බිරිද සමගද බොහෝ හිතවත්ව සිට ඇති බව කියයි.
බ‍්‍රහ්මාචරය ආරක්‍ෂා කල ජයනාත් ඇය දෙස වැරදි බැල්මක්වත් හෙලා නැති නමුත් මෙම නැහැදුන ශිෂ්‍යාව ඔහු වරදට පොලඹවා ගැනීමට උත්සාහ ගෙන තිබේ.බිරිද මෙම දෙදෙනා සැක කිරීමටද පටන්ගෙන ඇති අතර ජයනාත්ගේ දරුවන්ද පසුව මෙම ගැටළුවට මැදිහත්ව ඇත.කෙසේ වුවත් පසිදුරන් මනාව පාලනය කල ජයනාත් උල්පත්කුඹුරගේ මායම් වලට හසු නොවී ඇයට සුචරිතයේ හැසිරෙන මෙන් උපදෙස් ලබාදී ඇත.
අසන්නා මෝඩයෙකු සේ සලකා ජයනාත් දෙසා බා ඇති මෙම “අතේ රෝල” අසා අප සිනාසිය යුත්තේ කවර මුඛයකින්දැයි ඔහුම අපට කියා දිය යුතුය.
බලධාරීන් විසින් ජයනාත් නැමැත්තාගේ හිස අතගා නැවත සිය තනතුරේ පිහිටුවීමෙන් පසුව ඔහු විසින් ආහාර විද්‍යාව සහ තාක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ඉගෙනුම ලබන ලද තවත් සිසුවියන් කී දෙනෙකු අපහරණය කර ඇත්දැයි කිසිවෙකු මෙතෙක් දන්නේ නැත.ඇතැම් විට එය දැනගත හැක්කේ වසර කිහිපයක් ඉක්ම ගිය විට තවත් මෙවැනි සිදුවීමක් කරළියට පැමිණි විටදීය. එතෙක් සුචරිතය දේශනා කරන්නට බලධාරීන්ට හැකිය.
එසේ වුවත් මෙම නීති විරෝධීවූත්, සමාජ විරෝධී වූත්, සදාචාර විරෝධී වූත්, වරද කල බවට ඔප්පු වී තිබෙන යසේන්ද්‍ර ජයනාත් සම්බන්ධයෙන් ඉතා මෘදු ලෙස ක‍්‍රියාකිරීමට විනය බලධාරියා වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලක සභාව තීරණය කර තිබෙන්නේ කවර අදෘශ්‍යමාන බලධාරියෙකුගේ බලපෑමකින්දැයි සොයා බැලීම හෙවත් මෙම සහගහන අපරාධයේ “මහමොළකරුවා” සොයා ගැනීම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන දහස් ගණනක් වන දරුවන්ගේ අනාගතයට වැඩදායකය.
ශ‍්‍රී ලංකාවේ නීතියට අනුව අපරාධයක් සිදුකිරීම තරමටම එකී අපරාධයට අනුබලදීමද, අපරාධය සැගවීමට කටයුතු කිරීමද වරදකි.ඒ අනුව මේ සම්බන්ධයෙන් වැඩිදුර කල්පනා කරන්නන්ට ප‍්‍රයෝජනවත් විය හැකි ඉගි කිහිපයක් ලබාදෙන්නට අප කැමතිය. ලලිත් ඒකනායක මහතා විසින් යසේන්ද්‍ර ජයනාත් සම්බන්ධ පරීක්‍ෂණ වාර්ථාව භාරදෙනු ලබන අවස්ථාව වන විට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙස කටයුතු කර තිබෙන්නේ මහාචාර්ය මහදුරාවේ ළමාවංශය.ජයනාත් ආහාර විද්‍යාව සහ තාක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අංශාධිපති ලෙස පත්කරන අවස්ථාව වන විට එකී දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන මහාචාර්ය තනතුර මෙන්ම විශ්වවිද්‍යාලයේ උපකුලපති තනතුරද දරමින් සිට තිබෙන්නේ මහාචාර්ය ටෙරන්ස් මධුජිත්ය.
එනයින් මෙම ගරු කටයුතු මහත්වරුන් දෙදෙනා මෙම සාහසික අපරාධයට අනුබලදීමද, අපරාධය සැගවීමට කටයුතු කිරීමද සිදුකර තිබෙන බවට පාඨකයා වැරදි ලෙස නිගමනයකට නොඑලඹිය යුතු බව අප අවධාරණය කර සිටිමු.සැදැහැවත් බෞද්ධයන් වන සහ පන්සිල් පද පහම රකින මෙම දෙදෙනාම එවැනි නොපනත්කම් කිරීමට තබා සිතීමටවත් කැමැත්තන් නොවන බව අපට දිවුරා කිව හැකිය.
මෙම සහගහන අපරාධය සම්බන්ධයෙන් නැවත සලකා බලා නිසි පියවර ගැනීමට ක්ලීන් ශ‍්‍රී ලංකාවේ වගකිවයුතු බලධාරීන්ට ඉඩ තබා අප මෙම හෙලිදරව් කිරීම තාවකාලිකව අවසන් කරන්නෙමු.බලධාරීන් නිසි පියවර නොගන්නේනම් අදාල වගකිවයුත්තන්ගේ නම් ගම් සහිතවම නැවත වටයකින් හෙලිදරව්කිරීම ආරම්භවීමට නියමිතය.
Post Views: 0
Previous Post

ඥානසාර හිමියන්ට එරෙහි සිරදඬුවම මහාධිකරණය තහවුරු කරයි

Next Post

තිහගොඩ ගොවීන්ට අලුත් බලාපොරොත්තුවක් වසර ගණනාවක පීඩාව නිමා කරමින් රුපියල් කෝටි 120ක වන්දි ප්‍රදානයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved