වසර ගණනාවක් තිස්සේ ගොවිතැන් කටයුතුවලදී මුහුණ දුන් විවිධ දුෂ්කරතා සහ පීඩාවන්ට විසඳුමක් ලෙස, තිහගොඩ ගොවිජන සේවා බල ප්‍රදේශයට අයත් ප්‍රතිලාභී ගොවීන් සඳහා වන්දි මුදල් ප්‍රදානය කිරීම අද (ජූනි 23) මිදෙල්ලවල පුරාණ මහ විහාරයේදී උත්සවාකාරයෙන් පැවැත්විණි.
2026 අයවැය මඟින් වෙන් කර ඇති රුපියල් මිලියන 1200ක් හෙවත් රුපියල් කෝටි 120ක මුදලක් මෙම වන්දි ප්‍රදානය සඳහා යොදවා තිබේ. ඒ අනුව, තිහගොඩ ප්‍රදේශයේ ගොවීන් 781 දෙනෙකු වෙත අදාළ වන්දි චෙක්පත් පිරිනැමීම මෙහිදී සිදුවිය.
මෙම අවස්ථාව සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ නිලධාරීන් මෙන්ම ප්‍රතිලාභී ගොවි මහත්ම මහත්මීන් විශාල පිරිසක් එක්ව සිටියහ. දීර්ඝ කාලයක් තිස්සේ තමන් විඳි දුෂ්කරතා වෙනුවෙන් රජයෙන් ලැබුණු මෙම සහනය තම ඉදිරි කෘෂිකාර්මික කටයුතු සාර්ථක කර ගැනීමට මහත් පිටුවහලක් වනු ඇතැයි ප්‍රදේශයේ ගොවීහු ප්‍රකාශ කළහ.
















