මීට පෙර පැවති රජයන් ක්‍රීඩා භාණ්ඩ බෙදාදීම දේශපාලන ඡන්ද ව්‍යාපෘතියක් ලෙස භාවිතා කළද, වත්මන් රජය එම ක්‍රමවේදය වෙනස් කර ක්‍රීඩාව සංවර්ධනය කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කර ඇති බව සුනිල් කුමාර මහතා ප්‍රකාශ කළේය.
පෙර කාලවලදී ක්‍රීඩා කටයුතු නොපැවති ස්ථානවලට පවා දේශපාලන වාසි තකා උපකරණ බෙදා දුන් බව පෙන්වා දුන් කුමාර මහතා, වත්මන් රජය ක්‍රීඩාව සැබවින්ම පවතින ස්ථාන සහ පාසල් හඳුනාගෙන, අවශ්‍යතා මත පමණක් උපකරණ ලබාදීමට කටයුතු කරන බව අවධාරණය කළේය.
මන්ත්‍රීවරුන්ට තම ප්‍රදේශවල සංවර්ධන කටයුතු සඳහා මැදිහත් වීමේ හැකියාව තවදුරටත් පැවතියද, රජයේ මූලික අරමුණ මන්ත්‍රීවරයෙකු ජනප්‍රිය කරවීම නොව රටේ ක්‍රීඩාව සංවර්ධනය කර ජනප්‍රිය කරවීම බව ඔහු වැඩිදුරටත් පැවසීය.
















