හෝමාගම, කොට්ටාව ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට (24) සිදුකිරීමට නියමිතව තිබූ පැය 24ක ජල කප්පාදුවේ වේලාවෙහි වෙනසක් සිදුකර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
කලටුවාව සිට බොරලැස්ගමුව දක්වා ජලය සපයන ප්‍රධාන සැපයුම් මාර්ගය ආශ්‍රිතව සිදුකෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකෙරේ. ඒ අනුව, හෙට (24) රාත්‍රී 8 සිට අනිද්දා (25) රාත්‍රී 8 දක්වා කාලය තුළ පාදුක්ක, හෝමාගම, කොට්ටාව, පන්නිපිටිය හා පැලැන්වත්ත යන ප්‍රදේශ සඳහා ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.
කෙසේ වෙතත්, ඇතැම් ස්ථාන වෙත අඩු පීඩනයක් යටතේ ජල සැපයුම ලබාදීමට ජල සම්පාදන මණ්ඩලය තීරණය කර ඇති අතර, මහරගම ප්‍රදේශයට ජලය සැපයෙනු ඇත. නඩත්තු කටයුතු හේතුවෙන් පාරිභෝගිකයින්ට සිදුවන අපහසුතාව පිළිබඳව ජල සම්පාදන මණ්ඩලය කණගාටුව පළ කරයි.
















