පොසොන් පොහොය නිමිත්තෙන් ජුනි 29 වන දින දිවයින පුරා පවතින සියලුම මත්පැන් අලෙවිසැල් වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ. පේමරත්න මහතා නිවේදනය කරයි.
ඒ අනුව, ජුනි 28 වන දින අලෙවිසැල් වසා තබන වේලාවේ සිට ජුනි 30 වන දින දක්වා දිවයින පුරා සියලු මත්පැන්හල් වසා තැබීම අනිවාර්ය වේ.
මීට අමතරව, රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමීව අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කරගනිමින් ප්‍රකාශයට පත් කර ඇති පොසොන් සතිය තුළ (ජුනි 26 සිට ජූලි 02 දක්වා) මිහින්තලේ, මධ්‍යම නුවරගම් පළාත, නැගෙනහිර නුවරගම් පළාත සහ මහවිලච්චිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන් හතර තුළ පිහිටි සියලුම මත්පැන්හල් ජුනි 25 වන දින සිට ජූලි 03 වන දින දක්වා වසා තැබීමට නියෝග කර ඇත.මෙම නියෝග උල්ලංඝනය කරමින් බලපත්‍ර කොන්දේසි කඩකරනු ලබන ස්ථාන සම්බන්ධයෙන් තොරතුරු පවතී නම්, ඒ පිළිබඳව 1913 කෙටි දුරකථන අංකය ඔස්සේ පැය 24 පුරා ක්‍රියාත්මක සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරිය වෙත දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී. නීති කඩකරන බලපත්‍රලත් ස්ථාන වෙත දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙස දිවයිනේ සියලුම සුරාබදු ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබා දී තිබේ.
















