අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ රජය බලයට පත්වීමට පෙර ලබාදුන් ප්‍රධාන මැතිවරණ පොරොන්දු කිසිවක් ඉටු නොකරමින්, අධිකරණයේ ස්වාධීනත්වයට දැඩි බලපෑම් එල්ල කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා චෝදනා කරයි.නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන බවට ජනතාවට දුන් පොරොන්දු වර්තමාන රජය විසින් සම්පූර්ණයෙන්ම අමතක කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පවතින විනිසුරු පුරප්පාඩු අටක් මාස ගණනාවක් තිස්සේ පිරවීමට කටයුතු නොකිරීම ශ්‍රී ලංකා ඉතිහාසයේ වාර්තාවක් බවත්, එමගින් අධිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය දැඩි අර්බුදයකට ලක්ව ඇති බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.මෙම ප්‍රමාදය පිටුපස පවතින සැබෑ අරමුණ පිළිබඳව හෙළි කළ අජිත් පී. පෙරේරා මහතා, විනිසුරුවරුන්ට විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ “කැරට් අලයක්” පෙන්වමින් රජයට හිතවත් නිලධාරීන් තනතුරුවල රඳවා ගැනීමට සහ අධිකරණය විධායකයේ පාලනයට නතු කර ගැනීමට ජනාධිපතිවරයා උත්සාහ කරන බවට චෝදනා කළේය.ස්වාධීන අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම ඇතුළු මැතිවරණ සමයේ දුන් කිසිදු ප්‍රධාන ප්‍රතිසංස්කරණ පොරොන්දුවක් ඉටු කර නොමැති බව පැවසූ මන්ත්‍රීවරයා, පාර්ලිමේන්තුවට හිමි අධිකරණ බලය භාවිතා කරමින් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට රජය අසමත් වී ඇති බව වැඩිදුරටත් කියා සිටියේය.















