දිවයින පුරා ක්‍රියාත්මක වන ඩෙංගු මර්දන සහ පාලන කටයුතු සඳහා අවශ්‍ය තොරතුරු ලබාදීම සහ සහාය වීම වෙනුවෙන් ‘ඩෙංගු මෙහෙයුම් මැදිරිය’ (Dengue Operations Room) සක්‍රීය කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව මහජනතාවට 0117966366 යන දුරකථන අංකය ඇමතීමෙන් ඩෙංගු ව්‍යාප්තිය පිළිබඳ තොරතුරු ලබා ගැනීමටත්, තමන් අවට ඇති මදුරුවන් බෝවන ස්ථාන පිළිබඳව වාර්තා කිරීමටත්, මර්දන වැඩසටහන් පිළිබඳ උපදෙස් ලබා ගැනීමටත් හැකියාව පවතී.
මෙම ක්ෂණික ඇමතුම් සේවාව ඩෙංගු මර්දන කටයුතුවල නිරත රාජ්‍ය නිලධාරීන්ට සහ ස්වේච්ඡා සේවකයින්ට මෙන්ම, මේ පිළිබඳ තොරතුරු වාර්තා කරන මාධ්‍යවේදීන්ට ද විවෘත වේ. සතියේ දිනවල උදෑසන 8.00 සිට රාත්‍රී 8.00 දක්වාත්, සෙනසුරාදා දිනවල උදෑසන 8.00 සිට මධ්‍යහ්න 12.00 දක්වාත් මෙම දුරකථන සේවාව ක්‍රියාත්මකය. තම වටපිටාව පිරිසිදුව තබා ගනිමින් සහ මදුරුවන් බෝවන ස්ථාන පිළිබඳව වහාම දැනුම් දෙමින් ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සක්‍රීයව දායක වන ලෙස බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
















