පාසල් සිසුන්ගේ ආරක්ෂාව සහතික කිරීම සහ ලිංගික හිංසනය හෝ අපයෝජනය පිළිබඳ ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් වහාම නීතිමය පියවර ගැනීම පාසල් විදුහල්පතිවරුන්ගේ මූලික වගකීමක් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා පවසයි.
අම්බලන්තොට ප්‍රදේශයේ පාසලක සිසුවියක් අපයෝජනයට ලක්වීමේ සිද්ධියක් වසන් කිරීමේ චෝදනාව මත එම පාසලේ විදුහල්පතිවරයා සහ උප විදුහල්පතිවරයා අත්අඩංගුවට පත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලේකම්වරයා මේ බව අවධාරණය කළේය.
අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති විශේෂ චක්‍රලේඛවලට අනුව විදුහල්පතිවරුන්ට පැවරී ඇති වගකීම් සහ උපදෙස් ලේකම්වරයා මෙසේ පැහැදිලි කළේය.
පාසල්වල ළමා ආරක්ෂණ ක්‍රියා පටිපාටි නිසි ලෙස ක්‍රියාත්මක වන බවට විදුහල්පතිවරුන් වගකීමෙන් සහතික විය යුතුය. 2016/12 දරන චක්‍රලේඛයට අනුව, සිසුන්ගේ විනය පවත්වා ගැනීමේදී ඔවුන්ට කිසිදු ශාරීරික හෝ මානසික හානියක් සිදු නොවන බව පාසල් පරිපාලනය අනිවාර්යයෙන්ම සහතික කළ යුතුය.
සියලුම පාසල්වල ‘පාසල් ළමා ආරක්ෂණ කමිටු’ පිහිටුවීම අත්‍යවශ්‍ය වන අතර, එම කමිටු හරහා සිසුන්ට එල්ල විය හැකි තර්ජන හඳුනාගෙන ලැබෙන පැමිණිලි නිසි විනිවිදභාවයකින් යුතුව විසඳීමට කටයුතු කළ යුතුය.
















