චීනයේ ස්වෛරීභාවයට හෝ “ජාතික සමගියට” හානි කරන ඕනෑම විදේශීය පුද්ගලයකුට හෝ විදේශගතව සිටින චීන විවේචකයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට තම රටට නීතිමය අයිතියක් ඇති බව බීජිං පාලනය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. ලබන ජූලි මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන මෙම නව “ජාතික සමගිය” නීතිය (Ethnic Unity Law) මඟින් තායිවාන වැසියන්, උයිගුර්, ටිබෙට් වැසියන් මෙන්ම විදේශයන්හි වෙසෙන චීන රජයේ විවේචකයන් ඉලක්ක කිරීමට බීජිං බලධාරීන්ට හැකියාව ලැබෙනු ඇත.
චීන අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය හූ වෙයිලී (Hu Weilie) ප්‍රකාශ කළේ, බෙදුම්වාදය උසිගන්වන හෝ ජාතික සමගිය පළුදු කරන පුද්ගලයන්ට එරෙහිව විදේශයන්හිදී වුවද නීතිය ක්‍රියාත්මක කිරීම “නීත්‍යානුකූල, අත්‍යවශ්‍ය සහ ජාත්‍යන්තර සම්මුතීන්ට අනුකූල” වන බවයි. එමෙන්ම බටහිර මාධ්‍ය විසින් මෙම නීතිය විකෘති කර පෙන්වන බවට ද ඔහු චෝදනා කළේය. සාමාන්‍ය ජාත්‍යන්තර ගනුදෙනුවලට මෙයින් බාධාවක් නොවන බව චීනය පැවසුවද, මෙය ජාත්‍යන්තර පොලිසිය (Interpol) හරහා විදේශගත විවේචකයන් දඩයම් කිරීමේ දරුණු උපක්‍රමයක් (Transnational Repression) විය හැකි බවට මානව හිමිකම් සංවිධාන අනතුරු අඟවන අතර තායිවානය ද මේ වන විට දැඩි අවධානයෙන් පසුවේ.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්
















