2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ සහතික පත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසන්නේ, මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් සඳහා සහතික පත්‍ර නිකුත් කරනු ලබන්නේ මාර්ගගත ක්‍රමයට (Online) පමණක් බවයි.
මේ හේතුවෙන් සහතික පත්‍ර ලබාගැනීමේ අරමුණින් විභාග දෙපාර්තමේන්තු පරිශ්‍රය වෙත පැමිණීමෙන් වළකින ලෙස විභාග කොමසාරිස්වරිය සියලුම අයදුම්කරුවන්ගෙන් සහ දෙමාපියන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
















