දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් එස්. පෝල් කපූර් මහතා තෙදින සංචාරයක් සඳහා දිවයිනට පැමිණ, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ප්රමුඛ පෙළේ එක්සත් ජනපද සමාගම්වල නායකයින් හමුවී තිබේ. මෙම හමුව සඳහා ෂෙව්රොන්, කොකා-කෝලා, මයික්‍රොසොෆ්ට්, වීසා සහ ජේපී මෝගන් යන සමාගම්වල මෙරට ප්‍රධානීන් එක්ව ඇත. ද්විපාර්ශවික වෙළෙඳාම, ආයෝජන පුළුල් කිරීම සහ ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා වී ඇති අතර, ඇමරිකානු ව්‍යාපාර එක්සත් ජනපද – ශ්‍රී ලංකා හවුල්කාරිත්වයේ ප්‍රධාන පදනමක් බව සහකාර රාජ්‍ය ලේකම්වරයා මෙහිදී පෙන්වා දී තිබේ.
















