නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ පවතින ඉඩම් ගැටලු විසඳීම සහ ජනතාව වෙත ඉඩම් හිමිකම් ලබාදීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමේ අරමුණින් විශේෂ සාකච්ඡාවක් පසුගියදා (23) නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණි.
ඉඩම් ගැටලු විසඳීමේ ක්‍රියාවලියේදී පැන නැගී ඇති බාධක, ඒවා නිරාකරණය කරගත යුතු ආකාරය, අදාළ නෛතික රාමුව සහ මෙම කටයුතු සඳහා පවතින නිලධාරී හිඟය වැනි කරුණු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
මෙම අවස්ථාව සඳහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් හේමන්ත කුමාර, අතිරේක දිසාපති (ඉඩම්) ජේ. ශ්‍රීපති යන මහත්ම මහත්මීන්, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ඉඩම් අංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
















