පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 87 වන උපාධි ප‍්‍රදානෝත්සවය ජුනි 24 සහ 25 වන දින පැවත්වෙමින් තිබේ.මෙම උපාධි ප‍්‍රදානෝත්සවයේදී තමන්ට හිතවත් විශ‍්‍රාමික මහාචාර්යවරයෙකුට ගෞරව ආචාර්ය උපාධියක් තම පෞද්ගලික කැමැත්ත මත ලබාදීමට උපකුලපති ටෙරන්ස් මධුජිත් කටයුතු කර තිබෙන බව වාර්තා වේ.
යම් විශ්වවිද්‍යාලයකින් ගෞරව ආචාර්ය උපාධියක් පිරිනැමීම සදහා එකී විෂයට අදාල පීඨයේ පීඨාධිපති ඇතුළු පීඨ මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීම සාමාන්‍ය ක‍්‍රමවේදය වන අතර ඉන් අනතුරුව සනාථන සභාවේ සහ පාලක සභාවේ අනුමැතිය මත ගෞරව ආචාර්ය උපාධිය පිලිගන්වනු ලැබේ.මෙහිදී උපාධිය පිරිනැමීමට නියමිත පුද්ගලයා විසින් සිදුකර තිබෙන ශාස්ත‍්‍රීය මෙහෙවර සහ ජාතික මෙන්ම අන්තර්ජාතික වශයෙන් එහි ඇති වැදගත්කම සලකා බලනු ලැබේ.මින් පෙර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිටි සියළු උපකුලපතිවරුන් කටයුතු කර තිබෙන්නේ මෙම සම්ප‍්‍රදායන් ආරක්‍ෂා කරමිනි.
ටෙරන්ස් මදුජිත් මෙම කාර්යය සිදුකර තිබෙන්නේ කෘෂිකර්ම පීඨ මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමෙන් තොරව සනාථන සභාවේ සහ පාලක සභාවේ සභාපති ලෙස එම සභා ද්විත්වයේ අනුමැතිය කෙළින්ම ලබාගැනීමට කටයුතු කිරීමෙනි.
එසේ නමුත් 87 වන උපාධි ප‍්‍රදානෝත්සවයේදී කෘෂිකර්ම පීඨයේ හිටපු මහාචාර්යවරයෙකු වන ඒ.එල්.ටී.පෙරේරා මහතාට ගෞරව ආචාර්ය උපාධියක් පිරිනැමීමේදී අන් සියළු සම්මතයන් මෙන්ම මෙම සම්මතයද කඩා බිද දැමීමට උපකුලපති මධුජිත් අත්තනෝමතික ලෙස කටයුතු කිරීම පිළිබදව එම පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරු සිය කනස්සල්ල සහ කලකිරීම පලකරති.
මෙහිදී ක්‍ෂේත‍්‍රයේ විද්වතුන් කියා සිටින්නේ මහාචාර්ය ඒ.එල්.ටී.පෙරේරාගේ ශාස්ත‍්‍රීය මෙහෙවර සහ ඔහුට ඊට ඇති සුදුසුකම් පිළිබදව තමන්ගේ විරෝධයක් නැතත් උපකුලපතිවරයා සිය බලය භාවිතා කර පීඨ මණ්ඩලය නොසලකා හරිමින් මෙම කටයුත්ත සිදුකිරීම සුදුසු නොවන බවය.
















