ඉංගිරිය – පාදුක්ක ප්‍රධාන මාර්ගයේ රයිගම්වත්ත ප්‍රදේශයේදී අද (25) සිදුවූ මාරක රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (24) රාත්‍රී කාලයේදී ඉංගිරිය දෙසට ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක්, ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි භාණ්ඩ ප්‍රවාහන ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු ඉංගිරිය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.
මියගිය පුද්ගලයා 21 හැවිරිදි ඉංගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු ඉංගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.
















