ප්‍රංශයෙන් පළමු ඉබෝලා රෝගියා වාර්තා වීමත් සමඟ ලොව පුරා පැතිර යන කතාබහට පිළිතුරු ලබා දෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) නිවේදනයක් නිකුත් කර තිබේ. කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ පවතින ඉබෝලා වසංගතය මගින් ලෝකයට ඇති ගෝලීය අවදානම දැනට පවතින තත්ත්වය අනුව ඉතා අඩු මට්ටමක පවතින බව එම සංවිධානය අවධාරණය කරයි.
කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ සිට පැරිස් නුවරට පැමිණි වෛද්‍යවරයෙකුට මෙම රෝගය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ. ඔහු පැමිණි වහාම රෝග ලක්ෂණ හඳුනාගෙන නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කිරීමට සහ හුදකලා කර ප්‍රතිකාර ලබා දීමට ප්‍රංශ සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර ඇත. මේ වන විට එම වෛද්‍යවරයාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව වාර්තා වේ.
පවතින සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයන් සහ රෝගියා ඉක්මනින් හඳුනාගැනීම හේතුවෙන් මෙය ගෝලීය වසංගතයක් දක්වා ව්‍යාප්ත වීමේ අවදානමක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.
















