අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගත් සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතා සම්බන්ධයෙන් පක්ෂ අභ්‍යන්තර විනය පරීක්ෂණයක් සිදුකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස අනිවාර්යයෙන්ම විනය පරීක්ෂණ පවත්වන බවත්, පක්ෂයේ ප්‍රතිපත්ති අනුව ගත හැකි දැඩිම විනය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවත්ය. සිය පක්ෂය තුළ වැරදිකරුවන්ට හෝ අපරාධකරුවන්ට කිසිදු ආකාරයක අවස්ථාවක් හෝ තැනක් නොමැති බවද ඔහු අවධාරණය කළේය.
















