Mahindra Ideal Finance (MIFL) සිය 38 වන ශාඛාව කොළඹ ප්‍රධාන වාහන කේන්ද්‍රස්ථානයක් වන කොහුවල ප්‍රදේශයේදී අභිමානවත් ලෙස විවෘත කළේය.
මෙම ශාඛාව විවෘත කිරීමේ උත්සවය ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගරු සන්තෝෂ් ජා, Mahindra Ideal Finance හි සභාපති තිලාන් විජේසිංහ සහ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මුෆාඩල් චූනියා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
කොහුවල නව ශාඛාව මගින් වාහන ලීසිං සහ වාහන ණය පහසුකම්, කෙටි කාලීන සහ ව්‍යාපාරික ණය, මෙන්ම ස්ථාවර තැන්පතු ඇතුළු විවිධ මූල්‍ය සේවාවන් පාරිභෝගිකයින් වෙත පිරිනැමේ. කොළඹ වාණිජ කලාපයේ කේන්ද්‍රස්ථානයක මෙම ශාඛාව පිහිටුවීම මගින් වාහන අලෙවිකරුවන්ට, ආනයනකරුවන්ට සහ ප්‍රදේශයේ ව්‍යාපාරිකයින්ට මෙන්ම සාමාන්‍ය පාරිභෝගිකයින්ට ද වඩාත් පහසුවෙන් සිය සේවාවන් වෙත ප්‍රවේශ වීමට අවස්ථාව සැලසෙන බව සමාගම පවසයි.
උත්සවය අමතමින් ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා පවසා සිටියේ, Mahindra Ideal Finance හි මෙවැනි ව්‍යාප්තියක් මගින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ආයෝජන සබඳතාවල ශක්තිමත් බව සහ ද්විපාර්ශ්වික දියුණුව මනාව පෙන්නුම් කරන බවයි.
සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මුෆාඩල් චූනියා මහතා සඳහන් කළේ, තම පාරිභෝගිකයින්ට අවශ්‍ය මූල්‍ය සේවාවන් එකම වහලක් යටින්, විශ්වාසනීයව ලබා දීම සමාගමේ අරමුණ බවයි. AA-(lka) මූල්‍ය ශ්‍රේණිගත කිරීමක් හිමි Mahindra Ideal Finance, මේ වන විට දිවයින පුරා ශාඛා 38ක් හරහා සිය මෙහෙයුම් සාර්ථකව පවත්වාගෙන යයි.
















