සංවිධානාත්මක අපරාධකරුවෙකුට පහසුකම් සැලසීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ සිද්ධියකට අදාළව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ලබන ජූලි මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය අද (25) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ නීතීඥ රඛිත නිර්මල රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත වසන්ත කුමාර අබේසිංහ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ හා ගුවන් තොටුපල සහ ගුවන් සේවා ශ්රී ලංකා සමාගමේ හිටපු අධ්යක්ෂවරයෙකු වන වරුෂහැන්නැදිගේ අරුණ ශ්රී චතුරංග යන අය වේ. මෙම සැකකරුවන් වෙනුවෙන් ඉදිරිපත් වූ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු සලකා බැලූ අධිකරණය, ඇප ලබා දීමට තරම් ප්රමාණවත් කරුණු ඉදිරිපත් වී නොමැති බව පවසමින් එම ඉල්ලීම ප්රතික්ෂේප කළේය.
















